FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ රුධිර පීඩනය පහත වැටෙයි..

උපවාසයක නිරතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සුවදුක්‌ බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (24 දා) දහවල් මැගසින් බන්ධනාගාරයට පැමිණ තිබේ.

බන්ධනාගාරය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා විමල් වීරවංශ මහතා රඳවා සිටින සිර මැදිරිය වෙත ගොස්‌ ඔහුගේ තත්ත්වය විමසා බැලූ බව බන්ධනාගාර මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

අඛණ්‌ඩ උපවාසයක නිරත විමල් වීරවංශ මහතාගේ රුධිර පීඩනය ඊයේ (24 දා) වන විට මඳක්‌ පහත වැටී තිබූ අතර බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

විමල් වීරවංශ මහතා උපවාසය ආරම්භ කර මේ වන විට තෙදිනක්‌ ගතව ඇති අතර ඊයේ (24 දා) දිනය පුරාත් ඔහු ජලය පමණක්‌ පානය කර ඇත.