FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ දියණිය රෝගී වී රෝහලට…

වැලිකඩ බන්ධනාගාරයේ උපවාසයක නිරත වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ දියණිය ඊයේ (23) දින  උදෑසන හදිසියේ රෝගාතුර වීම නිසා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

පියා වැලිකඩ බන්ධනාගාරයේදී (21) උදෑසන උපවාසයක් අරඹන බව දැනගත් මොහොතේ සිට වීරවංශ දියණිය දැඩි කනස්සල්ලෙන් සිට ඇති අතර ඇය පියාගෙන් ඉල්ලා ඇත්තේ උපවාසයේ නොයෙදෙන ලෙසය.

විමාෂා දියණිය විමල් වීරවංශ මහතාගෙන් එම ඉල්ලීම කර ඇත්තේ  ඇය සහ පවුලේ ඥතීන් (21) පාර්ලිමේන්තු ආපනශාලාවේදී වීරවංශ මහතා හමුවූ අවස්ථාවේදීය.

ඒ මොහොතේ දැඩි කම්පනයකින් යුතුව දැරිය කියා ඇත්තේ මෙම උපවාසයෙන් රටට අහිමි වන්නේ මන්ත‍්‍රීවරයකු වුවත් තමාට පියා අහිමිව යා හැකි බවය.

එසේම වීරවංශ මහතා ඊටද ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ඇයගේ හිස අත ගෑමෙනි.

ඊයේ(23) උදෑසන  වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය රාගම පිහිටි ඥාති නිවසකට දරුවන් දෙදෙනා සමග පැමිණි අවස්ථාවේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත මෙසේ රාගම රෝහල වෙත ඇතුළත් කොට තිබේ.