FAST NEWS

24×7 Around the Globe

සමලිංගිකයන්ගෙන් රජය සමාව ඉල්ලයි- හේතුව මෙන්න…

19 වෙනි සියවසේ නීතියකට අනුව සමලිංගික ක්‍රියාවල යෙදුනු පිරිමින් 50,000 ක් වරදකරුවන් කරමින් දී තිබූ අධිකරණ තීන්දුව නිශ්ප්‍රභා කිරීම සඳහාවූ යෝජනාවකට ජර්මනියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මේ යෝජනාව මගින් චූදිතයන්ට වරදකරුවන් කිරීම වෙනුවෙන් සේම සිරගතව සිටි කාලය සඳහා වන්දි ලබාදීමට අපේක්‍ෂා කෙරෙන බවද වාර්තා විය.

”මේ සිදුවුණු අසාධාරණය සහ වේදනා විඳීම ආපසු හරවන්න බැරි වුණත් ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය මගින් සිදුවූ වැරදි නිවැරදි කර ගන්න අපිට පුළුවන්. මෙය කරන්න තිබ්බේ කාලෙකට කළින්. ඒත් දැන්වත් අපි එය කරන්න ඕන” යනුවෙන් ජර්මනියේ අධිකරණ අමාත්‍ය හෙයිකෝ මාස් පවසා ඇති බව සදහන්ය.

මේ පනත සම්මත වුණොත් චෝදනාවට වරදකරුවන් වූ සෑම පුද්ගලයෙකුටම යූරෝ 3,000 ක මුදලක් ලැබෙන අතර එයට අමතරව සිරගතව සිටි කාලය වෙනුවෙන් යුරෝ 1,500 ක වන්දියක් හිමි වීමට නියමිත බවද වාර්තා වේ.