FAST NEWS

24×7 Around the Globe

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අසළ ප‍්‍රහාරයෙන් 05ක් නැසී 40කට තුවාල සිදුවෙයි..

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අසළ සිදු වුණු ප‍්‍රහාරයකින් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 40දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අසළ පිහිටා තිබෙන වෙස්ට්මිනිස්ටර් පාලම මතින් අළු පැහැති මෝටර් රථයක් පදවා ගෙන පැමිණි පිහියක් අතැතිව සිටි පුද්ගලයෙකු විසින් මෙම ප‍්‍රහාරය සිදුකර ඇති අතර එම පුද්ගලයා විසින් එල්ල කළ පිහි ප‍්‍රහාරයකින් 48 හැවිරිදි කීත් පැල්මර් නැමැති පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත් වී තිබේ.

පසුව ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි ප‍්‍රහාරයකින් පිහි ප‍්‍රහාරකයාද ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙම අවස්ථාවේ පාර්මේන්තුවේ සැසිවාරයක් පැවැත්වෙමින් තිබුණු අතර එය තාවකාලිකව නවතා දැමීමමට පියවර ගෙන තිබේ.

මෙම ප‍්‍රහාරය සඳහා ඉස්ලාම් රාජ්‍ය ත‍්‍රස්වාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට විශ්වාස කළ හැකි බව ලන්ඩන් මෙට්ට්‍රොපොලිටන් පොලීසියේ නියෝජ්‍ය කොමසාරිස් මාර්ක් රෝලේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

_95271210_ambulance_from_above_bbc

_95271212_police_getty

_95271611_armed_police_epa

_95272134_injured_man_getty

_95272273_inside_west_pa

_95273871_armed_inside_alison_baskerv

_95274315_crews_bridge_getty

_95274784_passers_by_getty

_95274914_woman_west_reuters

_95276144_tobias_ellwood_pa

_95276277_helicopter_green_pa