FAST NEWS

24×7 Around the Globe

2017 පෙබරවාරි මාසයේ උද්ධමනය ඉහළට..

2017 පෙබරවාරි මාසය සඳහා උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 8.2% ක් ලෙස ගණනය කර ඇති අතර, 2017 ජනවාරි මාසයේ වාර්තා වූ 6.5% ක උද්ධමනය සමග සැසඳීමේදී පෙබරවාරි මාසයේ උද්ධමනය කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පෙබරවාරි මස උද්ධමනය නිවේදනය කළේය.

(ADS)