FAST NEWS

24×7 Around the Globe

වික්ටර් -හෂිනි යුවළගේ ඊලග අදියර ගැන හෂිනි හෙළිකරයි…

පසුගිය දිනවල නිරන්තරයෙන් කථාබහට ලක්වූ වික්ටර් රත්නායක-හෂිනි අමේන්ද්‍රා යුවළගේ විවාහයෙන් පිටරටක ගොස් ටික කලකට විවේක ගන්නට යාමේ සූදානමක් ගැන වාර්තා වේ.

ඒ ගැන හෂිනි මෙසේ පවසන ලදි..

“ඇත්තටම පසුගිය දින ගණනාවම හරිම වෙහෙසකර වූවා. වික්ටර්ගේ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක දිගට වෙහෙස වුණා. ඊළඟට අපේ විවාහය හා ඒ එක්ක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය වෙහෙස නිවාගන්න අපි දෙන්නා ඉක්මනින්ම විදේශ සංචාරයක නියැළෙන්නයි ඉන්නේ.”

“දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ බැංකොක් යන්න. වෙනත් රටකට යැවෙන්නත් පුළුවන්. කොහොම වුණත් වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් ඕනෙම තැනකට යන්න මම කැමැතියි.”