FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ රැළියෙන් පිරිසකට එරෙහිව විනය ක්‍රියාමර්ග..!

ඒකාබද්ධ විපක්ෂය විසින් එළඹෙන 25 දින හබරාදුවේදි පැවත්විමට නියමිත රැලිය සඳහා එක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගන්නා බව ධීවර අමත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පටු අරමුණු මූලික කරගනිමින් පාක්ෂිකයින් බිල්ලක් බවට යොදාගෙන ආණ්ඩුවට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීමේ උත්සාහයක නිරත වන බැවින් මෙවැනි තීරණයකට එළඹීමට හේතුව බව ඔහු පවසන ලදි.

ඇමැතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකරනු ලැබුවේ හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමිනි.