FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදීසිටි පොලිස් සැරයන්වරයෙකු අද (21) යෝග්‍යතා පරීක්ෂණයට යමින් සිටියදී හදිසි රෝගයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මධ්‍ය අංශය සඳහන් කලේය.

මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පොලිස් සැරයන් සෙනරත් පතිරන්නැහිලාගේ සුමිත් සෙනෙවිරත්න නැමැත්තෙකි.

අදාළ ප්‍රවීණතා පරීක්ෂණය සඳහා පෙනීසිටීමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශයද ඒ මහතා ලබා සිටී බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන ලදි.