FAST NEWS

24×7 Around the Globe

Beauty and the Beast චිත්‍රපටයෙන් නව ලෝක වාර්තාවක්… (වීඩියෝ)

පසුගියදා ලොව පුරා  ප්‍රදර්ශනය ආරම්භ කළ Beauty and the Beast චිත්‍රපටය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

එසේ වාර්තාවක් තැබීමට සමත්ව ඇත්තේ බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති අන්තයේදී  වාර්තා කළ ඉහළම අදායම උපයා ගැනීමට සමත්වීමෙනි.

එසේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති අන්තය තුළදී පමණක් Beauty and the Beast චිත්‍රපටය උපයා ඇති ආදයම ඇමරිකානු ඩොලර් මිලියන 170ක් බව සදහන් වූ අතර මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ පසුගිය වසරේ තිර ගතවූ බැට්මෑන් වර්සස් සුපර්මෑන් චිත්‍රපටයයි.

විරූපි මිනිසෙකු සමග ආදරයෙන් බැදෙන සුරූපී තරුණියක් වටා මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී ඇති අතර සුරූපී හොලිවුඩ් රංගන ශිල්පිනි එමා වොට්සන් මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය සදහා පණ පෙවීම සිදු කරනු ලැබේ.

චිත්‍රපටයේ  පුර්ව ප්‍රචාරකපටය පටය පහතින්..