FAST NEWS

24×7 Around the Globe

2001 වසරේ 14කට මරු කැඳවූ බස් රථ අනතුරේ රියදුරුට නියම වූ දඬුවම් මෙන්න…

වසර 16කට පෙර එනම් 2001 වසරේදී කුරුණෑගල මඩගල්ල පාරේ දීගාවේදී 19 දෙනකුට තුවාල සිදු කරමින් 14 දෙනකුට මරු කැඳවූ ලංගම බස් රථ අනතුරට සම්බන්ධ රියදුරුට අද (20) බරපතල වැඩ සහිතව වසර තිස් හතහමාරක සිර දඬුවම් නියම කළේය.

කුරුණෑගල උතුරු ඩිපෝවේ රියදුරකු ලෙස සේවය කළ එච්.එම්.ප්‍රේමරත්න නැමැත්තාට එම සිර දඬුවම් නියම කරනු ලැබූවේ කුරුණෑගල මහාධිකරණය විසිනි.