FAST NEWS

24×7 Around the Globe

ජය ගැනිමේ සැලැස්ම හා බංගලාදේශයේ සංවේදිකම ගැන හතුරු කියයි..

ශ්‍රී ලංකාව කඩුළු 04 කින් පරාජයට පත්කළ බංගලාදේශ ක්‍රිකට්  කණ්ඩායමේ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණය කිරීම වෙනස්ම ආකාරයට දෙවැනි තරගයට අවතීර්ණ වීම බව කණ්ඩායම් පුහුණුකරු  වු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

සිය කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වන්දික හතුරුසිංහ “ප්‍රථම ටෙස්ට් තරගය ගාල්ලේදී පරාජයවීමත් සමග කණ්ඩායම සමග සාකච්ඡා කළා. ඔවුන් වෙනස්ම ආකාරයට දෙවැනි තරගයට අවතීර්ණ වුණා. එහි සාර්ථකත්වය මෙම තරගය නිමාවේ දක්නට ලැබුණා යැයි හතුරුසිංහ පැවසීය. අපිට ලොකු විශ්වාසයක් තිබුණා මුලදී මෙම තරගාවලිය ජයගැනීමට. මෙම තරගය කෙසේ හෝ ජය ගැනීමට සිතා ගත්තා. ප්‍රථම තරගයේ ප්‍රතිඵලයෙන් අපේ බලා‍පොරොත්තු බිඳ වැටුණා. කෙසේ වුවත් අපි ඊට පසුව හිතුවා කණ්ඩායමේ යම් වෙනසක් සිදුකිරීමට අවශ්‍යයි කියා. අපි එම වෙනස සිදු කළේ බොහොම ධනාත්මකව තරගය ගැන වඩාත් සිතමින්.   විශේෂයෙන් මෙම බංගලාදේශ පිල සිටින ක්‍රීඩකයන් ඉතාම සංවේදීයි. ඔවුන් විශේෂයෙන් මෙවැනි ජයග්‍රහණ ලැබිමට ආසන්නයේදී තරමක කලබලකාරී බවක් දක්වනවා. මම හිතන්නේ මෙම තත්ත්වය තරගවලට වැඩිය සහභාගිවීමෙන් නැති වේවි” යැයි  පැවසීය.

(ADS)