FAST NEWS

24×7 Around the Globe

සුරංග ලක්මාල්ගෙන් වාර්තාවක්…

ටෙස්ට් තරගයක අංක10 හෝ අංක 11 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිස ඉනිම දෙකේදීම ලකුණු 30ට වැඩි ප්‍රමාණයක් රැස්කළ ලෝකයේ පස්වැනි පිතිකරු ලෙසින් ශ්‍රී ලංකාවේ සුරංග ලක්මාල් වාර්තා අතරට එක්විය.

මීට ඉහතදී ටෙස්ට් තරගවලදි අවස්ථා හතරකදී ක්‍රීඩකයන් එවැනි දක්ෂතාවක් දක්වා තිබූ අතර ඇල්බර්ට් ට්රෝට් 1895 (ඔස්ට්‍රේලියාව), බර්ට් ඕල්ඩ්ෆීල්ඩ් 1925 (ඔස්ට්‍රේලියාව), සෙයිඩ් කිර්මානි 1983 (ඉන්දියාව), වින්ස්ටන් බෙංජමින් 1988 (කොදෙව්) මීට පෙර එම දක්ෂතාව දැක්වූ ක්‍රීඩකයෝ වෙති.