FAST NEWS

24×7 Around the Globe

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා දිවියෙන් සමුගනියි… (ඡායාරූප)

රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ පියා ලෙස සැලකෙන සංගීත ශිල්පී චක් බේරී දිවියෙන් සමු ගෙන තිබේ.

ඔහු ගායකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු සහ පද රචකයෙකු ලෙසත් නමක් දිනා ගත් සංගීතඥයෙක් වන අතර මිය යන විට ඔහු අනූ වෙනි වියේ පසුවී ඇති බව වාර්තා විය.

දශක හතක වෘත්තීය ජීවිතය තුළ චක් බේරී විසින් ගායනා කරන ලද ‘Roll Over Beethoven’ සහ ‘Johnny B. Goode’ ඇතුළු ගීත ගණනාවක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය.

එසේම බීට්ල්ස් සහ රෝලින් ස්ටෝන් සංගීත කණ්ඩායම් විසින් ඔහුගේ ගීත යළි ගයනා කරනු ලැබ තිබේ.

මාර්තු 18 පස්වරුවේ ඔහු මිය ගිය බව ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ පොලිසිය තහවුරු කළේය.

(බීබීසී සංදේශය)

Image result for chuck berry

Related image

Related image

Related image

Related image

Image result for chuck berry