FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නැගු වයිකෝ අත්අඩංගුවට ගැනේ…

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ තමිල්නාඩු එම්.ඩී.එම්.කේ. පක්ෂ මහ‍ලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට ‍පොලීසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති බව  ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළකරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බවද වැඩි දුරටත් සඳහන්.

(ADS)