FAST NEWS

24×7 Around the Globe

ගැටුම ඇති වීමට හේතුව පියුමි හෙළි කරයි…

කිරිබත්ගොඩ හෝටලයකදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදහස් පල කරමින් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී පවසන්නේ තම මිතුරන් හය දෙනකු සමග එම හෝටලයකට ගිය අවස්ථාවේ එක් අයකු තමන්ට නරක වචනයක් කීම නිසා තම මිතුරන්ට කේන්ති ගොස් ගැටුම ඇති වූ බවයි.

තමන් දිගින් දිගටම උත්සාහ කලේ ගැටුම වලකාලන්නට වුවද එය එතරම් පහසු වූයේ නැතැයිද පවසන ඇය සිදු කෙරෙමින් ඇති පොලිස් පරීක්‍ෂණ සදහා උපරිම සහාය දෙන බවද කියයි.