FAST NEWS

24×7 Around the Globe

දිල්ලියේ හෝටල් ගින්නකින් මහේන්ද්‍ර සිං දෝනි දිවි බේරා ගනියි..

ඉන්දියාවේ දිල්ලි නුවර ද්වර්කාහී වෙල්කම් හෝටලයේ අද (17) උදෑසන හටගත් ගින්නකින් එහි ලැගුම් ගෙන සිටි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි හානියක් නොමැති ඇතැයි වාර්තා වේ.

උදෑසන 6.30ට  පමණ ඇතිවු මෙම ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවද වාර්තා වේ.

විජේ හසාරේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සහභාගී වීම සඳහාමහේන්ද්‍ර සිං දෝනි ජර්කාන්ඩ් කණ්ඩායම දිල්ලියට පැමිණ  මෙම හෝටලයේ නවාතැන් ගෙනෙ ඇති බවද සඳහන්.

එසේම කණ්ඩායමට අයත් ක්‍රීඩා ඇඳුම් සියල්ලම පාහේ ගිනිගෙන විනාශ වී ඇතැයි ද, එහෙයින් අද පැවැත්වීමට නියමීතව තිබු එම තරඟය හෙට(18) දක්වා කල් දැමීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.

(ADS)