FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව කාල් විල්සන් දකුණු කොරියාවට යවයි..

උතුරු කොරියානු නායක කිම්ජෝන් අන්ගේ වහසිබස්‌වලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ඇමෙරිකාව සිය දැවැන්ත කාල් වින්සන් නමැති ගුවන් යානා ගෙන යන නෞකාව දකුණු කොරියාවේ බූසාන් වරායට යවා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම නැව දකුණු කොරියාවට යෑවීමේ අරමුණ වූයේ උතුරු කොරියානු නායකයාගේ හමුදා ප්‍රධානීන් ඉවත් කිරීම බවද පැවසේ.

මෙම නෞකාවේ ප්‍රහාරක යානා 80 කින් සමන්විත වන අතර එම යානා අතර ඉතා බලවත් සුපර් හොර්නට්‌ ප්‍රහාරක යානා ද කාල්වින්සන් නැවේ අධි තාක්‍ෂණික ග්‍රේ ඊගල් ඩ්‍රොන් යානාද ඇති බව වාර්තා වී ඇත.

(ADS)