FAST NEWS

24×7 Around the Globe

තෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව 54 ක් පසු පසින්.. (update)

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණ 54ක් ලබා සිටියි.

ඒ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 51 පිටුපසින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුවේ.

අද දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරන උපුල් තරංග සහ දිමුත් කරුණාරත්න ලකුණු 25 බැඟින් ලබා සිටින අතර හෙට තරඟයේ සිව්වැනි දිනය වේ.

+++++++++++++++++(update)

තේ පානයට – බංගලාදේශය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 90 ක් ඉදිරියෙන්.. (update)

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පී.සරා ඔවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන බංගලාදේශ කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 428 ක් ලබා සිටියි.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංගලාදේශ කණ්ඩායම ලකුණු 90 ක් ඉදිරියෙන් සිටියි.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැලුණු සකිබ් අල් හසන් ලකුණු 116 ක් රැස් කර ගත්තේය.

කාසියේ වාසිය දිනාගෙන සිය පළමු  ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 338 ක් රැස් කර ගැනීමට සමත් විය.  

ලකුණු පුවරුව..

+++++++++++++++++(update)

දිවා අාහාරයට – බංගලාදේශය තවත් ලකුණු 24 ක් පසුපසින්..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පී.සරා ඔවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රීකට් තරගයේ තෙවැනි දිනයේ දිවා අාහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරන බංගලාදේශ කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 316 ක් ලබා සිටියි.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංගලාදේශ කණ්ඩායම තවත් ලකුණු 24 ක් පසුපසින් සිටියි.

කාසියේ වාසිය දිනාගෙන සිය පළමු  ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 338 ක් රැස් කර ගැනීමට සමත් විය.  

ලකුණු පුවරුව..

(ADS)