FAST NEWS

24×7 Around the Globe

ගුවන්තොටුපල ආරක්ෂකයන් සුනඛයකු ඝාතනය කරයි- දෝෂාරෝපණයකුත් එයි…

නවසීලන්තයේ ජනාකීර්ණතම ගුවන්තොටුපල වන ඕක්ලන්ඩ් ගුවන්තොටුපලේ ගුවන් ධාවන පථයේ පැය 3 කට අධික කාලයක් සැරිසැරූ සුනඛයෙකු ගුවන්තොටුපල ආරක්ෂකයන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

නවසීලන්ත බලධාරින් ප්‍රකාශ කළේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සදහා ගුවන්තොටුපලේ සේවයේ යොදවා සිටි මෙම සුනඛයා පාලනයකින් තොරව ධාවන පථයේ සැරිසැරීම නිසා දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 16 ක් පමා වූ බවයි.

මේ නිසා ඊයේ(16) රාත්‍රියේ පමා වූ ගුවන් ගමන් අද(17) උදෑසන සම්පූර්ණ කෙරෙන බව ඕක්ලන්ඩ් ගුවන්තොටුපල පාලකයන් පවසන ලදි.

ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර ඇත්තේ සුනඛයා ඉවත් කිරීමට නොහැකිවීම හමුවේ අවසන් තීරණයක් ලෙස එම සත්වයා ඝාතනය කිරීමට තීරණය කල බවයි.

කෙසේවෙතත් මෙම තීරණය පිළිබඳ සත්වවේදීන්ගේ දැඩි දෝෂ දර්ශණයට ලක්ව තිබේ.

ඔවුන් ප්‍රශ්ණ කර ඇත්තේ සුනඛයා අල්ලා ගැනීමට ගුවන්තොටුපල ආරක්ෂක අංශවලට නොහැකිවුයේ මන්ද යන්නයි.

විශේෂත්වය වන්නේ ගීසා නම් මාස 10 ක් වයසැති මෙම සුනඛයා ගුවන්තොටුපල බලධාරීන් විසින්ම හදාවඩා ගත් සත්වයකු වීමය.