FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ කණ්ඩායම තවත් ලකුණු 124 ක් පසුපසින්..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දෙවැනි දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංගලාදේශ කණ්ඩායම කඩුලු  05 ක් දැවී ලකුණු 214ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 124ක් පසුපසින්  සිටියි.

නොදැවී ක්‍රීඩා කරන නායක මුෂ්ෆිකර් රහීම් ලකුණු 02 ක් හා ශකිබ් අල් හසන් ලකුණු 18 ක් රැස් කරගෙන සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් බිඳ හෙළීය.

ලකුණු පුවරුව..