FAST NEWS

24×7 Around the Globe

“එදා ලෙනින් කළා වගේ අපිත් විප්ලවය ඉදිරියට ගෙන යන්න ඕනේ”

“2014 නොවෙම්බර් මාසේ අපේ රටෙත් විප්ලවයක් වුණා .දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වෙලා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු දැම්මා.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණා. ශ්‍රී.ල.නි.ප.ය හා  එ.ජා.ප.ය එකතු වී ආණ්ඩුවක් හැදුවා. දැන් එදා ලෙනින්ලා –  ට්‍රොට්ස්කිලා කළා වගේ අපි මේ විප්ලවය ඉදිරියට ගෙනියන්න ඕනේ. අපිට ඒ ගැන වාද  කරන්න පුළුවන්. බලය සඳහා තරඟ වැදුණු පක්ෂ කොහොමද කාලයක් එකට වැඩකරලා පසුව වෙන්වෙලා යන්නේ කියලා කල්පනා කළ හැකියි.”

ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවැසීය.

එම උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවනේ පැවති අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ මැති ඇමතිවරුද  දේශපාලන පක්ෂ රැසක සාමාජිකයින්ද ඒ සඳහා සහභගී වී සිටියහ.

මෙහිදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් ප්‍රමුඛ දේශනය පැවැත්වූ අතර ප්‍රේමසිරි කේමදාස පදනමේ සහ රවිබන්දු විද්‍යාපති රංගායතනයේ ගායන සහ නර්තනවලින්  උත්සවය හැඩ වී තිබුනි.