FAST NEWS

24×7 Around the Globe

ලොව ප්‍රථම වරට නෛතික පුද්ගලභාවය හිමිවූ ගඟ මෙන්න… (ඡායාරූප)

ලොව ප්‍රථම වරට නවසීලන්තයේ ගංගාවකට නෛතික පුද්ගලභාවය හිමි විය.

උතුරු දූපතේ පිහිටි වඟනූයි නදිය ජීවී වස්තුවක් වශයෙන් පිළිගනිමින් නවසීලන්ත පාර්ලිමේන්තුව පනතක් සම්මත කළේය.

දීර්ඝ කාලයක් පුරා නවසීලන්ත මාඕරිවරුන්ගේ ගෞරවයට පත්‍ර වූ ගංගාවේ අවශ්‍යතා නියෝජනය කරනු ලබන්නේ පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

සිය ගංගාවට නිසි පිළිගැනීමක් ලබා ගැනීම සඳහා මාඕරි ජනතාව වසර එකසිය හැටක් සටන් කළ බව ඇමතිවරයෙකු පැවසීය.

නවසීලන්තයේ දිගින් වැඩිම ගංගා අතරින් තෙවෙන ස්ථානයේ පසුවන වඟනූයි නදිය නියෝජනය කරනු ලබන්නේ මාඕරි නායක පරපුරේ ඉවි නමැති සාමාජිකයෙකි.

නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණ සිටි මාඕරි සාමාජිකයන් ගංගාවකට නෛතික පුද්ගලභාවය හිමි වීමේ පුවත සමරුවේ කඳුළු පිරි දෙනෙතිනි.

ගංගාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන අසූවක මුදලක් සහන සැලසීමට වෙන් කොට ඇති අතර එහි සුබ සාධනය ඉහළ නැංවීම සඳහා ඩොලර් මිලියන තිහක මූල්‍යාධාර සපයා තිබේ.

(බීබීසී සංදේශය)

Image result for whanganui river new zealand

Image result for whanganui river new zealand

Image result for whanganui river new zealand

Related image