FAST NEWS

24×7 Around the Globe

මීළග අගමැති මමයි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..

‘මීළඟ අගමැති ඔබයි’ කියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් පවසන විට තමන්ට නිහඬ අභිමානයක් ඇති වන බව ධීවර ඇමති මහින්ද අමරවීර මහතා පැවැසීය.

අද වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්ෂිකයින් සැබෑ දේශපාලන තත්වය අවබෝධ කරගෙන තිබීම සතුටට කරුණක් බවත් එනිසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමුගන්නේ නම් සියලු බාධා ඉවත් වී විපක්ෂයේ සිටින පිරිසද සන්ධානයට එක්වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඇමැතිවරයා මෙම අදහස් දැක්වීම කලේ හම්බන්තොට කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර ආම්පන්න බෙදාදීමේ උත්සවයට එක්වෙමිනි.