රටවල් 6 ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ නව සංචාරක තහනමට හවායි ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරු ඩෙරික් වොට්සන් වාරණයක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම තහනම් නියෝගයේ අන්තර්ගත කරුණු ගැටලු සහගත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව හෙතෙම සඳහන් කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමා මෙම පියවර ගනු ලැබුවේ, ත්රස්තවාදීන් සිය රටට ඇතුළුවීම වැළැක්වීමට සහ අමෙරිකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට බව ප්‍රකාශ කළ ද විචාරකයින් පෙන්වා දෙන්නේ, එමගින් මානව හිමිකම් උල්ලංඝණය වන බවයි.
නව සංචාරක තහනම් නියෝගය යටතේ ඉරානය, ලිබියාව සිරියාව, සෝමාලියාව සූඩානය සහ යේමනය යන රටවල් 6ක පුරවැසියන්ට දින 90ක කාලයක් අමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කිරීමට නියමිතව තිබිණ.
(ADS)









