ගබ්සා තහනමට අදාළ නීතිය සම්බන්ධයෙන් අසාමාන්‍ය පියවරක් ගනිමින් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත දේශපාලනඥවරියක පිරිමින් ස්වයං වින්දනයේ යෙදීමට එරෙහිව නීති පැනවීමට යෝජනා කර තිබේ.
සිය නීති කෙටුම්පතේ අරමුණ නොඉපදුණු දරුවන් ආරක්ෂා කිරීම බව ඇය පවසන්නීය.
ඇය පවසන්නේ ස්ත්‍රී ලිංගයකින් පිටතදී හෝ සෞඛ්‍ය සේවා ස්ථානයක අවශ්‍යතාවක් සඳහා නොවන අවස්ථාවකදී කෙරෙන ජන්මාණු මුදාහැරීමක් සඳහා ඩොලර් 100 ක දඩයක් නියම කළ යුතු බවය.
යම් පිරිමියෙක් එවැනි ජන්මාණු පිට කිරීමක් කරන්නේ නම් “එය නූපන් දරුවෙකුට එරෙහි ක්‍රියාවක් ලෙස සැළකිය යුතුයි” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
ටෙක්සාස් ප්‍රාන්ත මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක වන ජෙසිකා ෆැරාර්, යෝජනා අංක 4260 යටතේ පසුගිය සතියේදී ඉදිරිපත් කළ කෙටුම්පත නීතියක් වශයෙන් සම්මත නොවන බව ඇය දනී.
එහෙත් ඇය තර්ක කරන්නේ, කාන්තාවන්ට තම ගර්භණීභාවය පවත්වාගත යුතුද, නැතිද යන්න තීරණය කිරීම වළකාලමින් ටෙක්සාස් ප්‍රාන්තය විසින් පනවනු ලැබ ඇති නීතිවලට වඩා තමා ගෙන එන යෝජනාව දරුණු නොවන බවය.
ජෙසිකා ෆැරාර් පවසන්නේ යම් පිරිමියෙක් එවැනි ජන්මාණු පිට කිරීමක් කරන්නේ නම් “එය නූපන් දරුවෙකුට එරෙහි ක්‍රියාවක් ලෙස සැළකිය යුතුයි” යනුවෙනි
පසුගිය කාලය තුළ කාන්තා අයිතිවාසිකම් වලට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනා මාලාවකට අයත් නවතම යෝජනාවකට විරෝධය දැක්වීමක් ලෙසට ඇය තම යෝජනාව ඉදිරිපත් කළාය.
ඇයගේ විරෝධතාවට ලක්වූ නවතම යෝජනාවට අනුව ස්වභාවික හෝ සායනික ගබ්සාවකින් පසු පිටතට ගැනෙන නොමේරූ කළල භූමදානය කරන්නේද නැතහොත් ආදාහනය කරන්නේද යන්න පිළිබඳ තීරණය කිරීමට කාන්තාවට බලකෙරේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.