FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 238 යි..(update)

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් නතර කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටි දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 86ක් සහ රංගන හේරත් ලකුණු 18ක් ලබා සිටියහ.

ලකුණු පුවරුව

++++++++++++++++++++++++++++(update)

තේ පානයට – ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගන්න චන්දිමාල් හුදකලා සටනක..

සංචාරක  බංගලාදේශ කණ්ඩායම සමග අද(15)  කොළඹ පි.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි ආරම්භ වු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ තේ  පානය සඳහා තරගය අත්හිටුවන විට  කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුළු 05 ක් දැවි ලකුණු 149 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදකලා ඉනිමක් ක්‍රීඩා කරන දිනෙෂ් චන්දිමාල් නොදැවි පන්දු 136 කට ලකුණු 54 ක් ලබා සිටියේය.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් දකුණතින් දග පන්දු යවන මෙහිදි හසන් කඩුළු 02 ක් බිඳ දැමීමට සමත් විය.

ලකුණූ පුවරුව..

+++++++++++++++++++++++++++++++++++++++(update)

දිවා අහාරයට – බංගලි පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ අසරණ වෙති..

සංචාරක  බංගලාදේශ කණ්ඩායම සමග අද(15)  කොළඹ පි.සරා ඕවල් ක්‍රීඩාංගණයේදි ආරම්භ වු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා සඳහා තරගය අත්හිටුවන විට  කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුළු 04 ක් දැවි ලකුණු 70 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය..

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් දකුණතින් දග පන්දු යවන මෙහිදි හසන් කඩුළු 02 ක් බිඳ දැමීමට සමත් වු අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවි පන්දුවට පහර දෙන දිනෙෂ් චන්දිමාල් ලකුණු 27 ක් ලබා සිටියි.

ලකුණු පුවුරුව පහතින්…

(ADS)