FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තබයි..

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පී. සරා පිටියේ අද (15) ආරම්භ වු දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව යොමුකළ පළමු පන්දුවාර තුනම නිලකුණු පන්දුවාර ලෙස සටහන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.

ඒ අනුව බංගලාදේශ ටෙස්ට් ඉතිහාසයේ පළමු පන්දුවාර තුන නිලකුණු පන්දුවාර ලෙස යොමුකළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසට එක්වෙයි.

පළමු පන්දුවාරය හා තෙවැනි පන්දුවාරය මුෂ්ටෆිසූර් රෙහෙමාන් යොමුකළ අතර දෙවැනි පන්දුවාර සුබාෂිස් රෝයි යොමු කළේය.

බංගලාදේශය ක්‍රීඩා කරන සියවැනි ජාත්‍යනතර තරගය මෙය වීමද සුවිශේෂි කරුණක් වෙයි.

එම පන්දුවාර පහතින්..

(ADS)