FAST NEWS

24×7 Around the Globe

මියුසික් වීඩියෝවකින් අලුතෙන්ම සිල් බිඳගත්ත නිළිය මෙන්න.. (වීඩියෝ)

නදීශා හේමමාලි, ආක්ෂා සුදාරිගෙන් පස්සෙ මියුසික් වීඩියෝ එකකදි අලුතෙන්ම සිල් බිඳගත්ත නිළිය ශෂි ඇන්ජලීනා බව පැවසේ.

එම ගීත වීඩියෝවට බොහෝ පිරිසක් ප්‍රතිචාර දැක්වූ නමුත් ශෂි ඇන්ජලීනා නම් කියන්නෙ එම වීඩියෝවේ අනවශ්‍ය දෙයක් පෙන්වා නොමැති බවය.

ඇය වැඩිදුරටත් මෙසේ පැවැසීය..

”දර්ශනයක් ගීතයකට ඇතුලත් කිරීම හෝ රංගනයෙන් දායක වුනා කියල මට හෝ ගීතයට හානියක් වෙනවා කියල මං හිතෙන්නේ නැහැ. අනෙක මෙහි කිසිම අනවශ්‍ය දෙයක් පෙන්නුම් කරන්නේ නැහැ.

ලංකාවේ වීඩියෝ වල මෙහෙම දර්ශනයක් තිබ්බොත් තමයි බනින්න ගන්නේ. හින්දි ගීතයක හෝ වෙනත් රටක ගීතයක මෙවැනි දර්ශන මීටත් වඩා දේවල් ඇතුලත් වෙනවා ඒවා බලද්දී කිසි කෙනෙක් බනින්නේ නැහැ. ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. මට සැහෙන්න බැනල කමෙන්ට් දාලා තිබුන.

මං හිතන්නේ මගේ ආදරණිය ප්‍රේක්ෂනයෝ නම් මේක වැරදි ඇහැකින් දකින එකක් නැහැ. වැරදි ඇහැකින් බැලුවොත් ඕනේ දෙයක් වැරදියට දකින්න පුළුවන්. බුද්ධිමත් ඔයාල මේක හොද ඇහැකින් දකියි කියල මං විස්වාස කරනවා. මට ආදරේ කරන ඔයාලට මං ගොඩක් ආදරෙයි.”

ගීත වීඩියෝව පහතින්..