FAST NEWS

24×7 Around the Globe

සයිටම් සාකච්ඡාව කල් දැමූ හේතුව මෙන්න…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊයේ(13) දිනයේ අසනීප තත්වයක් මතුව තිබීම හේතුවෙන් යොදාගෙන තිබූ පරිදි මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙනක් වූ සාකච්ඡාව දින නියමයක් නැතිව කල් දමා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශයට පත් වූ අතර ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයට පැමිණි වහා නැවත සාකච්ඡාවකට වේලාවක් ලැබෙනු ඇති බව විශ්වාස කරන්නේ යැයි සංගමයේ ලේකම් නවින් ද සොයිසා මහතා පැවැසීය.