FAST NEWS

24×7 Around the Globe

තාක්‍ෂණික ගැටලුව හා හෙට තරගයේ විශේෂ සැලසුම ගැන හතුරුසිංහ කියයි..

 

සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (15 දා) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය සඳහා ගාල්ලේදී සිදුවූ තාක්‍ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගනිමින් පිවිසෙන බව  බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාව පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම මෙම තරගය බංගලාදේශ කණ්ඩායම සහභාගි වන සියවැනි ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට සුවිශේෂි සුදානමකින් යුතුව හෙට තරගයට මුහුණ දීමට ද සිය කණ්ඩායම සමග සැලසුම් කර ඇති බවද හෙතෙම පැවසීය.

”ඇත්තටම මම විශ්වාසයෙන් හිටියා ගාල්ලේ තරගය පරාජයෙන් බේරගන්න අපේ පිතිකරුවන්ට හැකි වෙයි කියලා. නමුත් තාක්‍ෂණික අඩුපාඩුකම් නිසා ඒක එහෙම වුණේ නැහැ. ඒ තරගයේදී පළමු ඉනිමේදී ෂකීබ් දැවී ගිය ආකාරයත් දෙවැනි ඉනිමේදී මුස්‌ෆාකාර් දැවී ගිය ආකාරයත් ඉතා කනගාටුදායකයි. කොහොම වුණත් අපි සඳුදා ඉඳන් වැඩ පටන් ගත්තා කොළඹදී හොඳ තරගයක්‌ ලබා දෙන්න”

ශ්‍රී ලංකාවේ කඩුලු විස්‌ස දවා ගැනීම සඳහා සැලසුම් කළ යුතු බවත් කණ්‌ඩායමේ දක්‍ෂ නවකයන් සිටියත් තාක්‍ෂණික අඩුපාඩුකම් බොහොමයක්‌ තිබෙන බවත් ඒවා නිවැරදි කරගැනීම හෙට තරගයට පෙර කළ යුතු ප්‍රධාන කාර්යභාරය බවද හතුරුසිංහ වැඩිදුරටත් පවසයි.

”අපි ක්‍රීඩා කරනකොට දැන ගන්න ඕන ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩා සැලැස්‌ම මොනවගේද කියලා. ඒ අනුව අපිත් හැඩ ගැහෙන්න ඕන. පන්දුවට පහර දෙනකොට එහිදී ආරක්‌ෂාවෙලා ලකුණු ගන්න දැන ගත යුතුයි. නමුත් තාක්‍ෂණික අඩුපාඩුකම් නිසා බොහෝ කඩුලු දැවී ගියා. ඇරත් අපි කඩුලු විස්‌සක්‌ දවා ගන්න සැලසුම් සකස්‌ කළ යුතුයි. කොහොම වුණත් අපිට කඩුලු විස්‌සක්‌ දවා ගන්න පුළුවන් හොඳ තරුණ පන්දු යවන්නන් ඉන්නවා. කොළඹදී ගාල්ලට වැඩිය දෙයක්‌ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

(ADS)