FAST NEWS

24×7 Around the Globe

වැටුප් ගන්නේ නැතැයි කී ට්‍රම්ප් වැටුප ලබාගෙන සඟවයි…

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනපතිවරණ ප්‍රචාරණය අතරතුර දන්වා සිටියේ තමා ජනපති පදවියට පත්වුවහොත් වැටුප් ලබාගන්නේ නැති බවය.

ඒ අනුව ඔහුට ඇමරිකානු ජනපති පදවිය වෙනුවෙන් ලැබෙන ඩොලර් ලක්ෂ 4 ක මුදල ඉතිරි වනු ඇතැයි වාර්තා පළවිය.

කෙසේ වෙතත් ඇමරිකානු නීතිය අනුව එම වැටුපට හිමි චෙක්පත ඔහු වෙනුවෙන් ලිවිය යුතුවූ අතර පසුව ධවල මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබුනේ එම චෙක්පත ජනපතිට යැවුණ පසු ඔහු එය ප්‍රදානයක් ලෙස භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට හරවා යවනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවෙමින් වාර්තා පළ කරන NBC පුවත් සේවාව දන්වා සිටින්නේ මේ වනවිට ඇමරිකානු ජනපතිවරයා වෙනුවෙන් වැටුප් චෙක්පත් 2 ක් නිකුත්ව ඇති නමුත් කිසිවක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට බැර කර නැති බවය.