මීගමුව බණ්ඩාරනායක චතුරස්රය අසල පිහිටි බ්ලූමූන් ගොඩනැගිල්ලේ කොටසක් ඊයේ(12) රාත්රියේ කඩා වැටී ඇත.
මෙම කඩාවැටීමට හේතුව වශයෙන් වාර්තා වන්නේ මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිසි අවසරයක් හෝ ප්රමිතියකින් තොරවය.
පැරණි ගොඩනැගිල්ලක් මත ඉදිකරමින් තිබූ මෙම කොටසෙහි දැවැන්ත කොන්ක්රීට් කණු සහ බිත්ති කඩා වැටී ඇති ආකාරය පහත ඡායාරූප වල දැක්වේ.














