FAST NEWS

24×7 Around the Globe

සාකච්ඡා කරද්දී ලැජ්ජාවට පත් වූ හේතුව ගැන අගමැති රනිල් කියයි…

ගිය ආණ්ඩුව විසින් දිගට හරහට ණය ගැනීම නිසා වත්මන් ආණ්ඩුව එද්දී ඉතිරි වී තිබුණේ ලෝවාමහාපාය සේ නටබුන් රටක් බවත් තමන් හා මුදල් ඇමතිවරයා ණය සහන ලබා ගැනීමට සාකච්ඡා කරද්දී අවස්ථා ගණනාවකදී ලැජ්ජාවට පත් වූ බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ 2026 වන තෙක් ආර්ථිකයේ ප‍්‍රධානම කාර්යය වී ඇත්තේ ණය ගෙවීමට බවයි.

මෙරට උපරිම අපනයන ආර්ථික ක‍්‍රමය සිදු වූයේ වුණේ පරාක‍්‍රමබාහු රජතුමා යටතේ බවත් කී ඔහු පැරකුම් යුගයක් නැවතත් ආරම්භ කරන බවත් කීවේය.