FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ පළමු ඉනිම 312 කට සීමා වෙයි..(update)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම ලකුණු 312 කට සීමා විය.

එ අනුව බංගලාදේශ කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණූ 182 ක් ඉදිරියෙන් සිටියි.

ලකුණූ පුවරුව..

ADS

++++++++++++++++++++++++++(update)

තේ පානයට – බංගලාදේශය තවත් 182 ක් පසුපසින්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණු 312 ක් ලබා සිටියේය.

ගාල්ල ක්‍රීඩාංගණය තුළ අපහැදිලි අලෝක තත්වය හේතුවෙන් අද (09) දිනයේ තේ පානය සඳහා නියමීත කාල වේලාවට වඩා මීනිත්තු පහකට කලින් තරගය අත්හිටුවීමට විනිසුරුවරු තීරණය කළහ.

එ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා  බංගලාදේශ කණ්ඩායම තවත් එක් කඩුල්ලක් අතැතිව ලකුණූ 182 ක් පසුපසින් සිටියි.

අද දිනයේ බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක මුෂ්පිකර් රහිම් එක් හයේ පහරක් සහ හතරේ පහර 08 ක් සමග ලකුණු 85 ක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කඩුළු 03 ක් හා නායක රංගන හේරත් කඩුළු 03 ක් ලබා ගැනීමට සමත්ව සිටිති.

ලකුණු පුවරුව පහතින්..

ADS