FAST NEWS

24×7 Around the Globe

ස්මාට් උපකරණවලින් CIA ඔත්තු බලයි ! මෙන්න තවත් විකිලීක්ස් හෙළිදරව්වක්…

ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය ( CIA ) අනවසරයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා භාවිත කළ රහසිගත ක්‍රමවේද අතර, ස්මාර්ට් ජංගම දුරකතන සහ පරිගණකවල අඩංගු දත්ත රහසින් ලබා ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලද මෘදුකාංග තිබෙන බව `විකිලීක්ස්` වෙබ් අඩවිය පවසන ලදි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ලොව පුරා රටවල රාජ්‍ය රහස් හෙළි කළ `විකිලීක්ස්` වෙබ් අඩවිය තවත් රහසිගත ලිපිගොනු දහස් ගණනක් ප්‍රකාශයට පත් කරමින් මේ බව හෙළිදරව් කර තිබේ.

ඉන් එක ලිපිගොනුවක දැක්වෙන්නේ,  අන්තර්ජාලයට සම්බන්ධ ස්මාර්ට් රූපවාහිනීවලට රහසින් ඇතුළුවී ඒ ඔස්සේ ශබ්දය පටිගත කිරීම සඳහා CIA ආයතනය බ්‍රිතාන්‍ය ඔත්තු සේවා සමග කටයුතු කර ඇති බවයි.

එම ලිපිගොනුවල නිවැරදිභාවය තෙවන පාර්ශවයක් වෙතින්  මෙතෙක් තහවුරු කරනු ලැබ නැතත්, මෙම තත්වය සත්‍යයක් නම් එය විශ්ව මානව හිමිකම්වලට බරපතළ තර්ජනයක් බව දේශපාලන විචාරකයන් පවසයි.