FAST NEWS

24×7 Around the Globe

තරග තහනම හා ලෝලීන්ගේ මෝඩකම් ගැන දික්වැල්ලගෙන් ප්‍රකාශයක්..

දකුණු අප‍්‍රිකා සංචාරයේදී  පැවති තරගයකදී දකුණු අප්‍රිකාන වේග පන්දු යවන ක්‍රීඩක කගිසො රබාඩා සමග ගැටුමක් ඇති විමේ සිද්ධිය හේතුවෙන්  සහ පසුගිය ඔස්ටේ‍්‍රලියාවේ පැවති තරගයේදී විනිසුරුගේ වැරදී තිරණයකින් දැවී යාමේන් පසු හැසිරුණු අකාරය සම්බන්ධයෙන් තරග තහනමකට ලක් වු නිරෝෂන් දික්වැල්ල සති අන්ත පුවත් පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට වෙමීන්  මෙ පිළිබඳව අදහස් දක්වා තිබේ.

එ අනුව ඔස්ට්‍රේලියා තරගයේදි  විනිසුරු ලබා දුන් තීරණය වැරදි බවත් එම අවස්ථාවේ තමන් හැසිරුණු අකාරය වැරදි සහගත බව දික්වැල්ල පවසා ඇත.

“එ වැරැද්ද මම භාර ගන්න  ඕන ක‍්‍රීඩකයෙක් හැටියට. මගේ හැසිරීම නිසා මම තරග තහනමකට ලක් වුණා. එ මොහොතේ මට ලොකු දුකක් ඇති වුණා.නමුත් එ වරදින් මම මගේ ක‍්‍රිකට් ජීවිතේට හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ආයේ කිසි දිනක  එ වගේ වැරැද්දක් නොකරන්න. එ වගේම තව එක තරගයකින් පසුව එ තහනම ඉවත් වෙනවා”

එසේම මෙම තරග තහනමට ලක්වීම ගැන සහ තරග ජයග‍්‍රහණය කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි පසුගිය කාලයේ දැක්වු  විවිධ සම්බන්ධයෙන්ද නිරෝෂන් දික්වැල්ල මෙම සම්මුඛ  සාකච්ඡාවට එක්වෙමීන්  සිය අදහස් පළ කර තිබේ.

“අපි තරග ජය ගන්නකොට අපි ළඟින් ඉන්නවා වගේම අපි පරාජය වුණ වේලාවක අපිට ශක්තියක් වෙනවා නම් හොඳයි. සමහර ක‍්‍රිඩාලෝලීන් කිසිදෙයක් නොදැන මෝඩ විදිහටත් අදහස් ප‍්‍රකාශ කරලා තිබුණා. එ නිසා ඇතැම් සමාජ ජාල වෙබ් අඩවිවල යන අදහස් ගැන මම දුක් වෙන්නේ නැහැ. කොහොම නමුත් පසුගිය දවස්වල  බොහෝ කි‍්‍රඩාලෝලීන් කිව්වේ අවුරුද්දක කාලයක විතර ඉදලා ක‍්‍රිකට් තරග නරඹන එක අතඇරලා තිබුණේ දැන් ආයෙමත් තරග නරඹන්න ආසා හිතුණා කියලයි”

ADS