FAST NEWS

24×7 Around the Globe

අනුෂ්කා ප්‍රථම වරට ප්‍රසිද්ධ සඟරාවක මුල් කවරයේ…

ඇමෙරිකාවේ ප්‍රසිද්ධ කරන Entrepreneur සඟරාවේ මෙවර මුල් කවරය සරසන්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා වන අතර ඇයට මෙම අවස්ථාව ලැබී ඇත්තේ ඇය පසුගිය වසරේ රංගනයෙන් දායක වූ “සුල්තාන්” හා “ඒ දිල් හයි මුෂ්කිල්” චිත්‍රපට අතිසාර්ථකත්වයට පත්වීම හේතුවෙනි.

එමෙන්ම ඇයගේ දෙවැනි සිනමා නිෂ්පාදනය වන “පිල්ලුරී” චිත්‍රපටය තවත් නොබෝ දිනකින් තිරගතවීමට නියමිතව ඇති හෙයින්ද ඇයට මෙම අවස්ථාව හිමිව ඇති බව වාර්තා වෙයි.

Entrepreneur සඟරාවේ පෙනී සිටින පළමු බොලිවුඩ් සිනමා නිළිය ඇය වන අතර, දිපීකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා වැනි හොලිවුඩය ජයගත් නිළියන් සිටියදී මෙම අවස්ථාව අනුෂ්කාට හිමිවීම මෙහි විශේෂත්වයක්ද වෙයි.