FAST NEWS

24×7 Around the Globe

දෙවැන්නා වීම අහිමි වෙද්දී කුසල් සංගාගේ වාර්තාවක් බිද දමයි…

ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ දෙවැනි ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට කුසල් මෙන්ඩිස්ට තිබූ අවස්ථාව ලකුණු 6කින් අද (08දා) අහිමිවිය.

ඒ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 194ට දැවී යාමත් සමගිනි.

කුසල් අද දිනයේදී ද්විත්ව ශතකය රැස්කළා නම් ඔහුගේ වයස අවුරුදු 22 දින 34ක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස්කර ඇති පිතිකරුවා වන්නේ හිටපු නායක මහේල ජයවර්ධන වන අතර ඔහු 1999 වසරේදී කොළඹ එස්.එස්.සී. පිටියේදී මෙම දක්ෂතාව දැක්වීය.

ඉන්දියාවට එරෙහිව 1999/02/24 වැනිදා ද්විත්ව ශතකයක් වාර්තා කරන විට ජයවර්ධනගේ වයස අවුරුදු 21 දින 273ක් විය.

ඒ අනුව අඩුම වයසකින් ඉන්දියාවට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවටත් මහේල වාර්තා අතරට එක්වූ අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ පසුවෙයි.

කුසල් අද ද්විත්ව ශතකය රැස්කලානම් එවැනි දක්ෂතාවක් දැක්වූ 11 වැනි ක්‍රීඩකයා බවට කුසල්ට වාර්තා අතරට එක්වීමට අවස්ථාව තිබණි.

අඩුම වයසකින් ද්විත්ව ශතයක් රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් වන අතර ඔහු 1976/10/30 වැනිදා නවසීලන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කිරීමට සමත්වූ අතර, ඒ වනවිට ඔහුගේ වසය අවුරුදු 19 දින 140කි.

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් බංගලාදේශයට එරෙහිව අසේල ගුණරත්න හා කුසල් මෙන්ඩිස් සිව්වැනි විකට්ටුවට ලකුණු 196ක සබදතාවක් පවත්වමින්, කුමාර සංගක්කාර හා අරවින්ද ද සිල්වා පිහිටුවා තිබූ වාර්තාවක් තමන් සතු කර ගැනීමට ඔවුහු සමත් වූහ.

මින්පෙර 2002 වර්ෂයේදී ලකුණු 150ක් ලබා ගනිමින් බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිව්වැනි විකට්ටුවේ වැඩිම සබදතාවයට  හිමිකම් කියනු ලැබූවේ කුමාර සංගක්කාර හා අරවින්ද ද සිල්වාය.