FAST NEWS

24×7 Around the Globe

ලිංගික සංක්‍රාන්තිකයෙකුට අමානුෂිකව පහරදී ඝාතනය කරන හැටි මෙන්න… (ඡායාරූප)

ලිංගික සංක්‍රාන්තිකයෙකුට අමානුෂිකව පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සිදුවීම බ්‍රසීලයේ Ceara state හි සිදුවූවක් බවට වාර්තා වූ අතර මෙලෙස පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ හතලිස් දෙහැවිරිදි Dandara dos Santos නම් ලිංගික සංක්‍රාන්තිකයෙකි.

ඔහුගේ නිවස අසලට පැමිණි කණ්ඩායමක් විසින් ඔහුව නිවසින් පිටතට රැඟෙනවිත් ඔහුට අමානුෂිකව පහරදෙන අයුරු එහි සිටි පුද්ගලයෙක් විසින් පටිගතකර ඇති අතර මෙම වීඩියෝපටය ලිංගික සංක්‍රාන්තිකයන්ගේ සමාජජාල වලට නිකුත්වීමත් සමඟ එරට පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහිදී අදාළ ඝාතනය සිදුකළ පුද්ගලයන් 6 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පැනගොස් ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

එසේම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය විසින් මේ වනවිට විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබේ.

එම ලිංගික සංක්‍රාන්තිකයාට පහරදෙන අයුරු දැක්වෙන ඡායාරූප පහතින්..
(අති සංවේදී දර්ශන සහිතයි)