සංචාරක බංග්ලාදේශය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වු , පළමු ටෙස්ට් තරගයේ පළමුදිනය නිමාවන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 321 ලබා සිටියේය.
දිනය නිමාවන විට කුසල් මෙන්ඩිස් ලකුණු 166 ක් ලබා සිටි අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 14ක් ලබා පිටියේ රැඳී සිටියේය.
පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායමේ රහමන්‚ ටෂ්කින්‚ රොයි සහ මිරාෂ් එක් කඩුල්ල බැගින් ලබාගත්හ.
ලකුණූ පුවරුව පහතින්…
+++++++++++++++++++++++++++++(update – 6.15 pm)
කුසල් හා අසේල බංගලාදේශ පන්දු යවන්නෝ අසරණ කරති.. (update )
සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (07) ආරම්භ වු , පළමු ටෙස්ට් ක්‍රිකට් තරයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 70 ක් අවසන් වන විට කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 220 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණූ 110 ක් හා අසේල ගුණරත්න ලකුණු 59ක් ලබා පිටියේ රැදි සිටිති..
ලකුණු පුවරුව පහතින්…
+++++++++++++++++++++++++++++(update – 4.15 pm)
දිවා අහාරයට – කාසිය වාසිය දිනු ශ්‍රී ලංකාව ලකුණූ 61 යි..
සංචාරක බංගලාදේශ කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (07) ආරම්භ වු , පළමු ටෙස්ට් ක්‍රිකට් තරයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු 02 පමණක් දැවී ලකුණු 61 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.
මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතකරු ධනංජය කරුණාරත්න ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වු අතර උපුල් තරංග ලකුණු 04 කට දැවී ගියේය.
නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණූ 19 ක් හා දිනෙෂ් චන්දිමාල් ලකුණු 01 ලබා කඩුල්ලේ රැදී සිටිති.
ලකුණු පුවරුව පහතින්…













