FAST NEWS

24×7 Around the Globe

සංසර්ගයක් නැතිව ලොව පළමු වරට කෘත්‍රිම කලලයක් නිර්මාණය කෙරේ..

ලොව ප්‍රථම වතාවට කෘත්‍රිම කලලයක් නිර්මාණය කිරීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැග්ඩලෙනා සෙන්රිකා ගොට්ස් ගේ නායකත්වයෙන් යුත් විද්‍යාඥ කණ්ඩායමක් විසින් මේ කලලය නිර්මාණය කර තිබේ.

පර්යේෂණය සඳහා මීයන් යොදාගෙන එම කෘත්‍රිම කලල දෙක නිර්මාණය කර ඇත.

ස්වාභාවික සංසර්ගයක් සිදු නොකොට කෘත්‍රිමව මාංස පේෂීන් සහ අස්ථීන් අඩංගු අංශු ශුක්‍රාණු සමඟ නිසි ලෙස සංයෝග කර කලලයේ පිහිටුවා මේ පරීක්ෂණය සිදු කළ බව මහාචාර්ය මැග්ඩලෙනා ප්‍රකාශ කරයි.

මේ කලල නිර්මාණයේ මීළඟ අදියර සඳහා මිනිසුන් භාවිත කිරීමට කටයුතු කරන බව මහාචාර්යවරිය පවසයි.

මහාචාර්ය මැග්ඩලෙනා ප්‍රකාශ කරනුයේ මනුෂ්‍ය කලලයක් නිර්මාණය කිරීමේදී විශාල පරිවර්තනයක් කිරීමට සිදුවන බැවින් මනුෂ්‍ය කලලයක් නිර්මාණය කිරීම සඳහා තවත් බොහෝ කාලයක් ගත වනු ඇති බවයි.

මේ පර්යේෂණ ක්‍රියාවලිය සාඵල්‍යතා ප්‍රතිකාර දියුණු කිරීම සඳහා ඉතාම වැදගත් පියවරක් වනු ඇති බවද මහාචාර්යවරිය සඳහන් කරන්නීය.

කෙසේ වුවද කෘත්‍රිම මනුෂ්‍ය කලලයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය නීති මඟින් පාලනය කර සහ තහනම් කර ඇති බවද ඇය පවසන්නීය.