FAST NEWS

24×7 Around the Globe

අවසන් මහා තරගයට පාකිස්ථානයට ගිය රහස රොෂාන් මහනාම හෙළි කරයි..

තමන් පාකිස්ථානයට පැමිණියේ මුදල් බලාපොරොත්තුවෙන් නොවන බව ඊයේ (06) පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ තීරක ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා පවසයි.

1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාවට පාකිස්ථානය දැක්වූ සහයෝගයට කෘතගුණ සැළකීමක් ලෙස මෙලෙස තමන් පාකිස්ථානයට පැමිණීමට තීරණය කළ බව හෙතම විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින්  සඳහන් කර තිබේ

පේෂාවර් සල්මි සහ කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති අතර  මෙම තරගයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පැවතීම හේතුවෙන්  ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය අවට දැඩි ආරක්ෂාවක් සපයා තිබුණා.

ඒ සඳහා ආරක්ෂක හමුදා සාමාජිකයන් දස දහසක් පමණ යෙදවීම පාකිස්ථානය පියවර ගෙන තිබුණී.