FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට විකිණීමේ ගිවිසුම ගම්මන්පිළ අතට ලීක් වෙයි..

හම්බන්තොට වරාය චීනයට විකිණීමේ ගිවිසුම දේශප්‍රේමී නිලධාරීන් මාර්ගයෙන් තමා වෙත ලැබී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිටු 74කින් සමන්විත මෙම ගිවිසුමට අනුව ඉදිකිරීම් පිරිවැයෙන් 80%ක් පමණක් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවත්, ඉඩම් සඳහා කිසිදු මුදලක් ලබානොදෙන බවට එහි සඳහන් වන බවත් මන්ත්‍රීවරයා  පෙන්වා දෙයි.

මේ ආකාරයට හම්බන්තොට වරාය සහිත භූමිය චීනයට ලබාදීම සඳහා ආණ්ඩුවේ කිසියම් අයෙකු කොමිස් ලෙස රුපියල් ට්‍රිලියන 1.4ක මුදලක් ලබාගෙන ඇතැයිද හෙතෙම පවසයි.