FAST NEWS

24×7 Around the Globe

දඹුලු රෝහල බලහත්කාරයෙන් කාන්තාවන්ට උපත් පාලනය කරයි…

දඹුල්ල මුලික රෝහලේ දැනට දින කිහිපයක සිට දරු ප්‍රසුතියෙන් පසු මවුවරුනට රෝහලෙන් පිටව යාමට නම් දරු උපත් පාලනය කරන උපකරණයක් බලහත්කාරයෙන් ශරීරයට සවි කරන බවට චෝදනා එල්ල වෙයි.

එසේ කිරීමට අකමැති වන මවුවරුන් දරුවාද සමග දින ගණනක් රෝහලේ රදවා ගන්නා බවද වාර්තා වෙයි.

මවුවරුන් පවසන්නේ අදාල උපත් පාලන උපකරණය සවි නොකලහොත් දරුවාගේ උප්පැන්න සහතික ලිවීමට පවා ඉඩ නොදෙන බවයි.

පියවරුන් විසින් බලෙන් ටිකට් කපාගෙන ආවද ඊටද ආරක්ෂක අංශය බාධා කරන බවට චෝදනා එල්ල වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරනරෝහලේ වෛද්‍ය අධිකාරි චාල්ස් නුගවෙල පවසන්නේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් වහා ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බවත්ය. රෝගීන්ගේ අකමැත්තෙන් එවැනි ප්‍රතිකාර නොකරන බවද අධිකාරීවරයා වැඩි දුරටත් කීය.