ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිකිරීම් සහ සංචාරක යන ක්ෂේත්‍ර හැරුණු විට අනෙක් සියලු ක්ෂේත්‍ර දරුණු හැකිළීමක් සහ කඩාවැටීමක් පෙන්වන බවත් පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක ලබා දී ඇති දායකත්වය, සිදුකර ඇති මැදිහත්වීම සම්බන්ධව කොහෙත්ම තෘප්තිමත් විය නොහැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දකුණු ආසියානු නියෝජිතයන් විසින් සකස් කළ විශේෂ වාර්තාවක සඳහන් වන බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා රජය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා උපදෙස් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලොහාර්ඞ් මහත්මිය මාර්තු 06 මෙරට සිදු කරන සංචාරය අළලා 2016 වසරේ මෙරට ආර්ථිකයේ ප්‍රගතිය විමර්ශනය කර සකස් කර ඇති බව පැවසෙන මෙම වාර්තාවේ නිරීක්ෂණ ලොහාර්ඞ් මහත්මියගේ සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට අදාළ වාර්තාව සකස් කිරීමේ දී 2016 අයවැය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, බදු ක්‍රමය, දේශීය සහ විදේශීය ණය අඩුකර ගැනීම, රාජ්‍ය අංශයේ දූෂණ ඇතුළු ආර්ථිකයට ඍජුවම අදාළ අංශ රැසක් ආවරණය කරමින් සකස් කර ඇත.