FAST NEWS

24×7 Around the Globe

ලේන් පැටවකු නිසා සාරංග-උමාලි දීගයත් දෙදරයි…

ජනප‍්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර හා ජනප‍්‍රිය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න අතර වූ විවාහය දෙදරා ගොස් ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම තොරතුරු වාර්තා කරයි.

මෙම දෙදරා යාමට හේතුව ලෙස දැක්වෙන්නේ ඔවුන් දෙදෙනාගේ කැදැල්ල මැදට තව ජනප්‍රිය රංගන ශිල්පියෙක් පැමිණීමයි.

උමාලිට එම ජනප්‍රිය රංගන ශිල්පියා විසින් ලේන් පැටවකු තෑගි දීමත් සමග කතාන්දරය දුරදිග ගොස් ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

උමාලි මේ වන විටත් සිය පවුල සමග ජපානයේ වෙදෙන අතර සාරංග මෙරට වෙසෙන්නේ තනිවමයි.