FAST NEWS

24×7 Around the Globe

පැල්මයිරා නගරය නැවතත් සිරියානු හමුදාව සතු කර ගනියි…

වසර 2000 කට වඩා පැරණි පුරාවස්තු සහිත සිරියාවේ පැල්මයිරා නගරය නැවතත් තමන් සතු කර ගැනීමට සිරියානු රජයේ හමුදාව ඊයේ(02) සමත් විය.

2015 වසරේදී ද මෙය අයි.එස්. සන්නද්ධ පිරිස විසින් අත්පත් කර ගත් අතර එහි පුරාවස්තුවලට විශාල හානියක් සිදුකර තිබුණි.

එසේම දෙවැනි වර නගරය අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් අතට පත්වූයේ පසුගිය වසරේ දෙසැම්බරයේදීයි.

කෙසේ නමුත් ඔවුන් යලි පලවා හැරීමට හැකිවූ බව ජගත් සංවිධානයේ සිරියානු තානාපතිවරයා ඊයේ(02) සදහන් කලේය.