පොලිස් අත්අඩංගුවට පත් වී පොලිස් කූඩුවේ ගත කිරීමට සාමාන්‍යයෙන් කිසිවෙකුට කැමැත්තක් නැත.
එහෙත් එසේ අත්අඩංගුවට පත්වී මාංචු සහිතව පොලිස් කූඩුවේ සිටීමට කැමති අනූනම වියැති කාන්තාවක් පිළිබඳව නෙදර්ලන්තයෙන් වාර්තා වෙයි.
මියයෑමට පෙර මාංචු දමාගෙන පොලිස් කූඩුවේ ගත කිරීමට තමාට ඇති ආශාව ඇය පසුගිය දා ඉටුකර ගත්තේ නෙදර්ලන්ත පොලිසියේ සහයෙනි.
ඒ අනුව ඇයව මාංචු දමා මිනිත්තු කිහිපයක් කූඩුවේ රැඳවූ පොලිස් නිලධාරීන් පසුව නිදහස් කළේය.
නැවත නිවෙස බලා ගිය එම ආච්චි අම්මා පවසා සිටියේ මාංචු සහිතව පොලිස් කූඩුවේ ගත කිරීමට ලැබීම ඉතා අපූරු අත්දැකීමක් බවය.
එම ඡායාරූප පහතින්..











