FAST NEWS

24×7 Around the Globe

ඉදිරියේ වුල්වරීන්ගේ චරිතයට ප්‍රසිද්ධ නළුවෙක්! – ඉගිපළ වූයේ මෙහෙමයි.. (වීඩියෝ)

මේ මාසයේදී එළිදැක්වීමට නියමිත ලෝගන් චිත්‍රපටය, තමා වුල්වරීන් ගේ චරිතයට පණපොවන අවසන් චිත්‍රපටය බව ජනප්‍රිය හොලිවුඩ් නළු – හියු ජැක්මන් පැවසීමත් සමග බොහෝදෙනාට ඊළඟ පැනනැගුනු ගැටළුව වූයේ මෙම චරිතයට ඉදිරියේදී පණපොවන නළුවා කවුද යන්න වගයි.

මේ සඳහා ජැක්මන් විසින්ම සැහැල්ලු යෝජනාවක් කර තිබේ.

රාජීව් මාසන්ද් නම් ඉන්දීය මාධ්‍යවේදියෙකු හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම මාධ්‍යවේදියා ජැක්මන් ගෙන් අසා ඇත්තේ ඉදිරියේදී වෙනත් නළුවෙකු මෙම චරිතය රඟපෑම සම්බන්ධයෙන් ඔහුගේ අදහසය.

“මං බලාපොරොත්තු වෙනවා වෙනත් අය මෙම චරිතය කරාවි කියලා. සමහර විට ශාරුක් ඛාන්ට වුනත් පුළුවන් වේවි,” යැයි ඔහු සදහන් කර තිබේ.

වීඩියෝව පහතින්..