FAST NEWS

24×7 Around the Globe

ගැසට් නිවේදනයත් සමග එන ෆුල්ෆේස් හෙල්මට් හිඟය…

යතුරුපැදි ධාවනයේදී ආරක්ෂිත හිස්වැසුම් පැළඳිය යුතු බවට පසුගිය පෙබරවාරි 23 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම තහනම් වී ඇති බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසන ලදි.

කොළඹ ඊයේ(01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් චිරන්ත අමරසිංහ පවසා සිටියේ මෙම ගැසට් නිවේදනය අහෝසි කළ යුතු බවයි.

එමෙන්ම අදාළ ගැසට් නිවේදනයත් සමඟ ෆුල්ෆේස් හෙල්මට් ආනයනය නොකිරීමේ තත්වයක් තුළ ඉදිරි මාස 4 ඇතුළතදී වෙළඳපොලේ එම හිස් වැසුම් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔහු සඳහන් කරන ලදි.

කෙසේ වෙතත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ මෙම ගැසට් නිවේදනයෙන් ෆුල්ෆේස් හෙල්මට් පැළඳීමට තහනමක් පනවා නොමැති බවයි.